අගමැති සිංගප්පූරුවට

Thursday, 01 September 2016 - 7:25

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද අලුයම 1.10 ට එස්.කිව්. 469 දරණ යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියා.

ඒ ඉන්දීය පදනම විසින් සංවිධාන කරන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි.

අද සහ හෙට යන දෙදින තුළ සිංගප්පූරුවේ - ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ඉන්දීය සාගර කලාපයේ ප්‍රධානම රටවලට ආරාධනා කර තිබෙනවා.

මෙම සමුළුවේදී ඉන්දීය සාගර කලාපයට බලපාන ආරක්ෂක, ආර්ථික, සංස්කෘතික හා පාරිසරික ගැටලූ පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති.

සමුළුව සඳහා මලයාසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඞ් සහීඩ් හමීඩ්, ඉන්දීය විදේශ  කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, මාලදිවයිනේ හිටපු ජනාධිපති මයුම් අබ්දුල් ගයුම් සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය කිෂී නොබූ ද සහභාගි වීමට නියමිතයි.