තහනම් කෘෂි රසායනික ජාවාරමක් උතුරු මැද පළාතේ

Thursday, 01 September 2016 - 8:33

%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%98%E0%B7%82%E0%B7%92+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A
රජය විසින් තහනම් කර ඇති ග්ලයිෆෝසෙට් නම් කෘෂි රසායනය නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා උතුරු මැද පළාතේ විකිණීම සිදුවන බවට තොරතුරු අනාවරණ වී ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

මෙය සැර අධික අහිතකර කෘෂි රසායනයක්වන අතර පිළිකා ඇතිවීමටද හේතුවන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.