ගෝඨාභය ඇතුලු අටදෙනාට නොතීසි

Thursday, 01 September 2016 - 11:24

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 08 දෙනාට මේ මස 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට නීතිවිරෝධී ලෙස අවකාශ සැලසීමෙන් රුපියල් බිලියන 11 දශම 04ක් හෝ ඊට ආසන්න මුදලක් රජයට පාඩුකර දූෂණය නම් වරද සිදු කළැයි චෝදනා නගමින් මොවුන් 08 දෙනාට අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ නඩු පවරනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂට අමතරව මෙලෙස නඩු පවරනු ලැබුවේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ තවත් යුද හමුදාවේ හිටපු මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙකුටයි.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More