බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙකු අල්ලයි

Thursday, 01 September 2016 - 12:39

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සේදවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචි අවුරුදු 22  සහ 23 යන වයස්වල පසුවන්නන් බවයි.

C.C.TV දර්ශන ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වූ තොරතුරු මතයි මොවුන් අත්අඩංගුවට ගෙන ගෙන ඇත්තේ.  

මෙම කෝටිපති ව්‍යාපාරිකයා සැළසුම් සහගත ලෙස ඝාතනය කර ඇති බවටද දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.  

කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල - ඇවනිව්හි පිහිටි සිය නිවස අසල දී පැහැර ගැනීමට ලක්වුණේ පසුගිය 21 වනදා රාත්‍රියේයි.

ඔහුගේ මළ සිරුර මාවැනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්න ප්‍රපාතයක තිබී පසුගිය 24 වනදා  සොයාගැනුනා.


අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More