පොලිසියට පහරදුන් අන්තරේ සිසුන් සොයා පරීක්ෂණ

Thursday, 01 September 2016 - 14:13

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් ශිෂ්‍ය සංගම් එක්ව කොළඹ ඊයේ පැවති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන සරසවි සිසුන් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිසුන්ගේ පහරදීමෙන් තුවාල ලබා පොලිස් නිලධාරීන් 04 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි.

විරෝධතා පා ගමනට පොලීසිය එල්ල කළ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තුවාල ලැබූ සිසුන් හතරදෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමිනුයි මෙම පා ගමන පැවැත්වුනේ.