සංහිඳියාව ගැන ජගත් මහලේකම් ගාල්ලේදී කතා කරයි

Thursday, 01 September 2016 - 14:52

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සංහිදියාව ගොඩනැගීමේ කාර්යයේදී තරුණ ප්‍රජාව අදට වඩා සක්‍රිය ලෙස දායක විය යුතු බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මුන් පවසනවා.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සංහිදියාව සහ සහජිවනය ගොඩනැගිම සදහා තරුණ්‍යයේ භූමිකාව යන තේමාව යටතේ ගාල්ලේදී සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයකට අද (01) පස්වරුවේ එක්වෙමින්.

‘‘ මා මේ ලංකාවේ කරන දෙවැනි සංචාරය.

මම මීට කලින් ආවේ 2009 දී. ඒ දශක 30 ක යුද්ධය ඉවර වුණත් එක්කම.

දැන් රට තුළ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස මගේ දෑස් දෙකෙන් බලා ගන්න  ඕන නිසා තමයි මම මේ වතාවේ ලංකාවට ආවේ.

මම මොන රටක සංචාරයක නිරත වුණත් මහලේකම්වරයා වශයෙන් මෙම පුළුවන් තරම් උත්සාහ කරන්නේ තරුණ අය හමුවෙන්න.

එයාලට තියෙන ගැටලූ මොනවා ද කියලා දැන ගන්න. ඒ තියෙන ගැටලූවලින් මූලිකවම අවශ්‍යතා මොනවා ද ? කියලා දැනගෙන, රටේ නායකයින් සහ සමාජයේ නායකයින් ඔවුන්ගේ එම අවශ්‍යතා ඉටු කරන්න කොහොමද කටයුතු කරන්නේ කියලත් මම දැනගන්න කැමතියි.

මම කැමතියි ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න. උදව් කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළ යුතු මූලික කරුණු 5 න් 1 ක් තමයි තරුණයින් සමග කටයුතු කිරීම.

ළමයින්ට සිදුවන හිංසා වැළැක්වීමේ, ගෝලීය සහයෝගිතා ගිවිසුම මීට මාස දෙකකට කලින් ආරම්භ කළා. මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා රජය මෙයට සහයෝගය දැක්වීම පිළිබදව.

මෙරට ජනගහනයෙන් 5 න් 1 ක් තරුණයින් නියෝජනය කරනවා. එයාලා වෙනුවෙන් ආයෝජනයක් කරනවනම් වැදගත් කියලයි මම හිතන්නේ.

මම අද ඔයාලට අභියෝගයක් කරනවා. ඔයාලා සැබෑවටම ගෝලිය පුරවැසියන් වෙන්න කියලා. ඒ මොන වෙනසක් තිබුණත් ඒවා අතහැර දාලා ඔයාලගේ අනාගතය සහ දැක්මවල් බෙදා හදා ගන්න තිරසාර සංවර්ධනයක් සාමකාමී අනාගතයක් වෙනුවෙන්.’’  

සම්මන්ත්‍රණය ඇමතීමෙන් අනතුරුව ජගත් සංවිධානයේ මහ ලේකම්වරයා සාමය සදහා කැපවීමේ ප්‍රතිඥාවට අත්සන් තැබුවා.