ඉන්දීය සාගර කලාපයේ ගැටලූ සාකච්ඡාවෙන්, සම්මුතියෙන් විසදා ගනිමු - අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු සමුළුවේදී කියයි

Friday, 02 September 2016 - 6:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දීය සාගර කලාපයේ පැන නගින ගැටලූ සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් විසදා ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිංගප්පූරුවේ පැවැත්වෙන 2016 ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සදහන් කළේ ඉන්දීය සාගර කලාපය සදහා පාලන නීති පද්ධතියක් සකස් කළ යුතු බවයි.

එමෙන්ම, ඉන්දීය සාගර කලාපයේ රටවල් අතර, අධ්‍යාපනය, මානව සම්පත් සහ ප්‍රාග්ධන සහයෝගිතාව ඇති කරලීමට සමුළුව යොදා ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ සංහිදියාව තර කරලීම සදහා ශ්‍රී ලංකාව දක්වන විචාරශීලි සහය බෙහෙවිින්ම අගය කරන බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සී.එම්.ජේ.අක්බාර් ප්‍රකාශ කළා.

සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමග ඊයේ (01) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.