ඇමරිකානු ස්පේස් - එක්ස් රොකට්ටුව පුපුරයි - ෆේස්බුක් චන්ද්‍රිකාවත් විනාශයි

Friday, 02 September 2016 - 7:31

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ - ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී,  ස්පේස් - එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක් උඩුගුවන් ගත කිරීමට පෙර ඊයේ (01) පිපිරී විනාශ වුණා.

ඒ යානය පෙරහුරු ක්‍රියාවලියකට භාජනය කරන විටයි.

එමගින් දැවැන්ත  පිපිරීමක් සිදුවූ අතර, සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ගොඩනැගිලි පවා සසල වී තිබෙනවා.

ස්පේස් - එක්ස්, නැවත භාවිත කළ හැකි රොකට් වැඩසටහනක් පවත්වාගෙන යාම සදහා අත්හදා බැලීම් සිදුකරන පෞද්ගලික ආයතනයක්.

මෙම රොකට්ටුව සමග උඩුගුවනට යැවීමට තිබූ ෆේස්බුක් ආයතනයේ අමොස් - 6 චන්ද්‍රිකාව ද විනාශයට පත්වී තිබෙනවා.

එම චන්ද්‍රිකාව යැවීමට සැලසුම් කර තිබුණේ අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රදේශ වෙත සන්නිවේදන පහසුකම් ලබාදීමටයි.

ෆ්ලොරිඩාහි කේප් කානිවල් තුඩුවෙනුයි මෙම චන්ද‍්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබුනේ. ඒ ලබන සඳුදායි.

මේම චන්ද්‍රිකාව විනාශ වීම සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

ඔහු ප්‍රකාශකර ඇත්තේ මෙම සිද්ධිය ඇසීමෙන් තමන් ඉතා කණගාටුවට පත්වු බවයි.

කෙසේවෙතත් සියලුදෙනාට අන්තර්ජාලය හා සම්බන්ධවීම වෙනුවෙන් පහසුකම් ලබාදීමේ අරමුණ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බවයි මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ.






උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More

නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More