ජනපතිගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ පාසල් ශිෂ්‍යයාට සහ තරුණයාට ඇප

Friday, 02 September 2016 - 11:24

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුවා සහ 26 හැවිරිදි තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ සැකකරුවන් අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, 17 හැවිරිදි පාසල් සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර 26 හැවිරිදි තරුණයා රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදා හැර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිිවිසීම සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා කඩුගන්නාව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත්තේ මොරටුව ප්‍රදේශයෙන්.

පසුව 17 හැවිරිදි ශිෂ්‍යයා පරිවාසභාරයට පත් කළ අතර, 26 හැවිරිදි තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔවුන් දෙදෙනාම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඇප නියම කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා 17 හැවිරිදි සිසුවාගේ දෙමාපියන්ට අවවාදයක් ද සිදුකර තිබෙනවා.

ඒ ළමයින් පරිගණක භාවිතයට යොමු කිරීම වැදගත් වන්නේ සේම ඔවුන් සිදුකරන දෑ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.