Update : කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතන කල්ලියම කොටුවෙයි - සැලසුම හොඳම සේවකයාගේ

Friday, 02 September 2016 - 14:49

Update+%3A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B7%9C%E0%B6%B3%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය  සැලසුම් කර ඇත්තේ පිටකොටුවේ පිහිටි ඔහුගේ රෙදිපිළි වෙළඳසැලේ මුදල් ගනුදෙනු සහයකවරයා බව පොලීසිය ප්‍රකාශ කළා.

මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 8 දෙනාම පොලිස් අත්අඩංගුවට පත්වී අවසන්.

ව්‍යාපාරිකයා පැහැරගෙන ගිය මෝටර් රථය ප්‍රධාන සැකකරු කුලියට ගෙන ඇත්තේ සිය බිරිඳගේ රත්‍රං භාණ්ඩ උකස් කර ලබා ගත් මුදලින්.

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන් මෙය සිදුකර තිබෙනවා.

රටවල් කිහිපයකින් රෙදි ආනයනය කර අලෙවි කරන ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සුලෙයිමාන්ගේ සියලු  ගනුදෙනු පිළිබදව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දැන සිටි බව ද පොලීසිය සදහන් කළා.

ඔහු සුලෙයිමාන්ගේ විශ්වාසවන්තම සේවකයා ලෙස වසර 8ක් පමණ සේවය කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් 6 දෙනෙකු පිටකොටුවේම නාටාමිවරුන් ලෙස කටයුතු කරන අතර අනෙක් පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරෙක්.

ඔවුන් සියලූ දෙනා කොළඹ , ආදුරුප්පුවීදිය, සේදවත්ත සහ කැළණිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත්, 30ත් අතර වයස්වල පසුවන්නන් බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.  

විවිධ ප්‍රදේශ හරහා කෑගල්ලට ගිය සැකකරුවන් ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය තලා විසි කර තිබුණේ පොල්ගහවෙල ප්‍රදේශයේදීයි.

එය ද අද පෙරවරුවේ පොලීසිය සොයාගෙන තිබුණා.

මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 7 දෙනෙකු පැය 48ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද අවසර ලබාදුන්නා.

ඒ, ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මෙම සිද්ධියට අදාළව ඊයේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, අනෙක් සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගත්තේ අද දිනයේදියි.

කෝටිපති රෙදිපිළි  ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල ඇවනිව් හි පිහිටි සිය නිවස අසලදී පැහැර ගැනීමට ලක්වූයේ පසුගිය 21 වනදා රාත්‍රියේයී.

ඔහුගේ මළ සිරුර මාවනැල්ල හෙම්මාතගම රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී පසුගිය 24 වනදා සොයා ගනු ලැබුවා.




Update : Friday, September 2, 2016 19.08
--------------------------------------------------

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන්ගේ ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනෙකු පැය 48ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද අවසර ලබාදුන්නා.

ඒ, සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළව ඊයේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ අද දිනයේදීයි.

ව්‍යාපාරිකයා පැහැර ගැනිමට යොදා ගත් මොටර් රථයද කොටහේන ප්‍රදේශයේ තිබී පොලිසිය අද සොයා ගත්තා.

ඊට අමතරව ව්‍යාපාරිකයාට පහරදීම සඳහා යොදා ගත් ආයුධ සහ ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් අපරාධ කොට්ඨාශය සොයාගෙන ඇති අතර, අපරාධය සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් සියල්ල මහනුවර ප්‍රදේශයේදී පුළුස්සා දමා ඇති බව ද හෙළි වුණා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සුලෙයිමාන්ගේ රෙදිපිළි වෙළදසැලක සේවකයෙකු බවයි.


Update : Friday, September 2, 2016 16.18
------------------------------------------------------

බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සුලෙයිමාන්ගේ ඝාතනයට සම්බන්ධ සියලූම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සදහන් කළා.

මේ වන විට එමගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 8ක්.

ඊයේ දිනයේදී සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර, තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ අද දිනයේදියි.

ව්‍යාපාරිකයා පැහැර ගැනිමට යොදා ගත් මොටර් රථයද කොටහේන ප්‍රදේශයේ තිබී පොලිසිය අද සොයා ගත්තා.

ඊට අමතරව ව්‍යාපාරිකයාට පහරදීම සඳහා යොදා ගත් ආයුධ සහ ඔහුගේ ජංගම දුරකථනය ද පොලිස් අපරාධ කොට්ඨාශය මගින් සොයාගෙන තිබෙනවා.

අපරාධය සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් සියල්ල මහනුවර ප්‍රදේශයේදී පුළුස්සා දමා ඇති බව හෙළිදරව් කරගෙන ඇති තවත් කරුණක්.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සුලෙයිමාන්ගේ රෙදිපිළි වෙළදසැලක සේවකයෙකු බවයි.