සංහිඳියාව අවතක්සේරු කරන්න එපා - ජනපති

Friday, 02 September 2016 - 18:57

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
සංහිඳියාව අවතක්සේරුවට ලක් නොකර එහි ඇති වැදගත්කම හඳුනාගෙන කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

 
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිවයිනට පැමිණ සිටින ජගත් මහ ලේකම් බෑන් කී මූන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී හුවමාරු වූ අදහස් සම්බන්ධයෙන්ද පැහැදිලි කළා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ගමන් මඟ පිළිබදව මහලේකම්වරයා සතුටෙන් පසුවන බවයි.

එමෙන්ම උතුරේ අවතැන් කඳවුරු ඉදිරි මාස 03 ක කාලය ඇතුළත එහි සිටි ජනතාවට  ඉඩම් ලබාදීමෙන් අනතුරුව සම්පූර්ණයෙන් අවසන් කරන බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ පාසල් සිසුවා සම්බන්ධයෙන් ගන්නා පියවර සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාට ප්‍රශ්න යොමු වුණා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමන් එම දරුවා පිළිබදව දරුවන් සිටින පියෙකු ලෙස සිතමින් කටයුතු කරන බවයි.

මේ අතර, ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා අද ඇප මත මුදාහරිනු ලැබුවා.

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර 17 හැවිරිදි පාසල් සිසුවාගේ දෙමව්පියන්ට කියා සිටියේ දරුවන් පරිගණක අධ්‍යාපනයට යොමුකිරීම යහපත් කරුණක් නමුත්, ඔවුන් පරිගණක හරහා සිදුකරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු විය යුතු බවයි.



මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

ප්‍රජාතන්ත්‍රවාදයත් සෞඛ්‍යයත් එකවර රකින හැටි (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:04

අනිද්දා (05) පැවැත්වෙන මහමැතිවරණය වෙනත් වසරවල්වලට වඩා අපට සුවිශේෂී... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More