පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රශංසනීයයි - ජගත් මහලේකම්

Saturday, 03 September 2016 - 7:28

%E0%B6%B4%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%93%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
පශ්චාත් යුද සමය තුළ ශ්‍රී ලංකාව කැපී පෙනෙන දියුණුවක් අත්කරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

තුන්දින නිළ චාරිකාව නිමවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ඊයේ රාත්‍රී 10.30ට පමණ කොරියානු විශේෂ ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගියා.