Update : බිරිඳට අමානුෂික ලෙස පහරදුන් සැකකරු බන්ධනාගාරයට (ඡායාරූප)

Saturday, 03 September 2016 - 10:58

Update+%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7++%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බිරිඳට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට පෝද්දල පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරැ අද (03) ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරන මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදි මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ මේ මස 9දක්වා සැකකරැ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.






Update : Saturday, September 3, 2016 : 4.29
.................................................................................................................


සියදිවි හානිකරගැනීමේ අරමුණින් කාන්තාවක් තම බිලිඳා සමඟ බස් රථයකට පැනීමට යාමේදී ගාල්ල නගර සභා සේවකයන් විසින් ඇය බේරාගෙන පොලිසිය වෙත භාරදී තිබෙනවා.  

එම අවස්ථාවේ කාන්තාව සමඟ ඇගේ මවද සිටි බවටයි අප වාර්තා කරු ප්‍රකාශ කළේ.

36 හැවිරිදි එම කාන්තාව එම කාන්තාව ගාල්ල කලේගාන ප්‍රදෙශයේ පදිංචිකාරිනියක්.

මීට පෙර අවස්ථාවකදීද සියදිවි හානිකරගැනීමට උත්සහ ගෙන ඇති අතර එම අවස්ථාවේද අසල සිටි පිරිසක් විසින් බේරාගෙන ඇති බවටයි හෙළි වී ඇත්තේ.

තම සැමියාගෙන් දීර්ඝ කාලයක් තිස්සේ එල්ලවන වදහිංසා දරගත නොහැකිව මෙලෙස දිවිහානි කරගැනීමට උත්සහ කළ බවටයි ඇය එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

පොලිසිය ප්‍රකාශ කළේ අදාළ සැමියාට විරුද්ධව මීට පෙර අවස්ථාවක මෙම කාන්තාව විසින් නඩු පවරා ඇති අතර එහිදී අදාළ සැමියාට එම නිවසට නොයන ලෙසට උපදෙස් දී තිබූ බවටයි.

කෙසේ වෙතත් මෙහිදී හෙළි වූයේ අදාළ උපදෙස් කඩකරමින් එම සැමියා නැවත නිවසට පැමිණ මෙම කාන්තාවට සහ  ඇගේ මවට මෙලෙස වදහිංසා පමුණුවා ඇති බවටයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පෝද්දල පොලිසිය විසින් එම ප්‍රදේශට ගොස් අදාළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව පොලිසිය විසින් නැවත එම කාන්තාව සහ බිලිඳා සමඟ මිත්තණිය නැවත ඔවුන්ගේ නිවසට යැවූ බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

පෝද්දල පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

 

(ඡායාරූප - රොෂාන් පියතිලක )