ජනපතිගෙන් ආණ්ඩුවට සිහි කැඳවීමක්

Saturday, 03 September 2016 - 18:08

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වත්මන් ආණ්ඩුවේ සිටින සියලු පාර්ශවයන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (03) පණිවුඩයක් ලබාදුන්නා.

දුම්වැටි සඳහා වන බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊට අදාළ ප්‍රකාශය සිදුකළේ මහරගම අපේක්ෂා රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මුහුණදුන් අභියෝග පිළිබඳව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිහිපත් කළා.

‘‘අදත්, මේ ආණ්ඩුවත් මුහුණදෙනවා දුම්කොළ සමාගම්වල අභියෝගවලට, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, මද්‍යසාර හදන නීත්‍යානුකූල අශීලාචාර ව්‍යාපාරිකයන්ට මේ හැමදේකටම අපිට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා.
මම පහුගිය දවසක, මේ අවුරුද්දේ පවත්වපු ලෝක දුම්කොළ විරෝධී දිනයේදී අපි B.M .I.C.H එකේ සහභාගි වූ රැස්වීමේදී ඉතා කෙටි දේශනයක් කළා. අපේ විශේෂඥ වෛද්‍යවරයෙක්.
ඔහු කීවා මට එක කාරණයක් තියෙනවා ජනාධිපතිතුමාට කියන්න ඔබතුමාලගේ ආණ්ඩුව ඊයේ පෙරේදා බදු සංශෝධනයක් කළා.
හැබැයි ඒ සංශෝධනය කරද්දී ඔබතුමල්ලාගේ ආණ්ඩුව සිගරට් සමාගම්වල බද්ද දැන හෝ නොදැන අඩු කරලා තියෙනවා කියලා.
මම කිව්වා මම ඒක දන්නේ නැහැ කියලා.
මම දැන් මේ රැස්වීම ඉවර වෙලා යන්නේ කැබිනට් මණ්ඩලයට.
මම ගිය ගමන් යෝජනා කරනවා එවැනි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් වහාම සිගරට් සමාගම්වලින් අය කරන බද්ද වැඩි කළ යුතුයි කියලා.
අඩු කිරීම නෙවෙයි තියෙන තත්ත්වයෙන් වැඩි කළ යුතුයි කියලා.
මම කැබිනට් මණ්ඩලයට ගිහින් කිව්වා මෙහෙම ප්‍රශ්නයක් වුණා. මුදල් ඇමතිතුමාටත් කිව්වා.
එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කිසිසේත් අඩු කරන්න බැහැ තියෙන තැනින් බදු වැඩි කිරීම තමයි අවශ්‍ය වෙන්නේ කියලා.
මේ සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ යම් යම් සංවාද ඇතිවුණා.
සෞඛ්‍ය ඇමතිතුමත් මාත් සාකච්ඡා කරලා අපි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළා.
සිගරට් සමාගමෙන් අය කරන බදු ප්‍රමාණය සියයට 90 කින් වැඩි කරන්න ඉදිරිපත් කළා.
දැන් මාස එකහමාරක් මේක නලියනවා තැන් තැන් වල.
මම කියන දේ එදත් කිව්වා අදත් කියනවා.
සිගරට් කම්පැනියේ මහත්වරු ඒ කාලේ මාගෙන් නිදහසට කරුණු අහපු අය අරලියගහ මන්දිරයට ගෙනල්ලා සිගරට් කම්පැනියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉස්සරහ මාව හිටවලා ඇහුවා ඇයි මේ සිගරට් සියයට 80 ක්.
පාකිස්ථානයේ සියයට 40 යි ඉන්දියාවේ සියයට 50 යි ඇයි මෙහෙ විතරක් සියයට 80.
ඊළඟට කිව්වා මොකටද මේ අවවාද.
මේවා ගැන දැනුවත් කරන්න සිගරට් පැකට් එකේ ඉඩ නැහැ කිව්වා.
මම හිතන්නේ ලෝකේ එකම සෞඛ්‍ය ඇමතිවරයා සිගරට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වාඩිවෙලා ඒ ඉස්සරහා හිටගෙන අහන ප්‍රශ්නවලට උත්තර දුන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජනතාව මාව ජනාධිපතිවරයා කෙරුවේ.
ඉතින් අදත් මට පේනවා.
සියයට 90 කින් බද්ද වැඩිකරන්න කිව්වහම මේ තීන්දුව ගන්න කැබිනට් මණ්ඩලයට එන නිර්දේශ බොහොම පසුගාමී වෙන්නේ මේ පිටුපස්සේ ඉන්නේ කවුද කියලා මට හොදට තේරෙනවා.
මම මේක විවෘතව කිව්වේ මේක කාට කාටත් දැන ගන්න  ඕනා නිසා.
ඒ නිසා මේක වැඩිකල් අදින්නේ නැතිව කළ යුතුදේ කළ යුතුයි කියලා ආණ්ඩුවේ සිටින සියලුදෙනාට මම මහරගම රෝහලේ ඉඳල කියනවා රටටම ඇහෙන්න.’’
 
මේ අතර, 150 වන පොලිස් දින සැමරුම් උත්සවයද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (03) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එසේම ජනාධිපතිවරයාගේ ජන්ම දිනයද අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ආහාර පාන ලබාදීමද අද සිදුවුණා.

එහි සිටිින දරු දැරියන් සමඟ උපන් දින කේක් කැපූ ජනාධිපතිවරයා ඔවුන්ට තෑගි බෙදාදීමටද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

1951 වසරේ සැප්තැම්බර් 3 වනදා උපත ලබන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තෝපාවැව මහා විද්‍යාලය සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන අතර, සිය දේශපාලන ගමන් මග ආරම්භ කරන්නේ 1967 වසරේදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ඔහු 1979 වසර වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන ලේකම්වරයෙකු ලෙස පත්වනවා.

1981 දී පක්ෂයේ තරුණ සම්මේලනයේ ලේකම්වරයා වන ඔහු ඊට වසර දෙකකට පසු සභාපති ධුරයට පත්වන අතර, පොළොන්නරුව ආසනය ජයගනිමින් පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් තේරී පත්වන්නේ 1989 වසරේදියි.

2001 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිම කළක් එම ධුරය හෙබවූ ලේකම්වරයායි.

ජනාධිපති ධුරයට පත්වීමට පෙර මහවැලි සංවර්ධන, කෘෂිකර්ම සහ වාරිමාර්ග, සෞඛ්‍ය ඇතුලු අමාත්‍යාංශ ගණනාවක් මෙහෙයවූ ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද අවස්ථා කිහිපයකදී කටයුතු කළා.


    



කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 11:52

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි... Read More