Update : මන්නාරමෙන් සොයා ගත් කෝටි 3ක හෙරොයින්, ඉන්දු - ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය ජාවාරම් කොටසක්

Sunday, 04 September 2016 - 7:54

Update+%3A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+3%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මන්නාරම - පල්ලිමුණේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කෝටි 3ක හෙරොයින් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ප්‍රවාහනය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටසක් ලෙසයි සැලකෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී තිබෙනවා.

මන්නාරම නාවික හමුදා බුද්ධි ඒකකයට සහ වව්නියාව පොලිස් විස මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයට ලැබුණු තොරතුරක් මත ඊයේ (03) මන්නාරම වෙරළ තීරයේ ගමන් ගත් සැකකටයුතු බෝට්ටු දෙකක් පරීක්ෂාවට ලක් කළා.

එහිදී එක් බෝට්ටුවක තිබී කිලෝග්‍රෑම් 2යි දශම 2යි 4ක හෙරොයින් තොගයක් සොයා ගනු ලැබුවා.

එමෙන්ම, මෙහිදී අනාවරණ වූයේ එම බෝට්ටුව තුළ සිටි පුද්ගලයෙකු අනවසරයෙන් මෙරටට පැමිණෙමින් සිටි ඉන්දීය ජාතිකයෙකු බවයි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ බවත් පසුව මුහුදේදීම අනෙක් බෝට්ටුව වෙත ලබාදුන් බවයි.

ඒ අනුව මෙම තොරතුරට අනුව අදාළ ඉන්දීය ජාතිකයා සහ බෝට්ටු දෙකෙහි සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 5දෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත යොමුකර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා වසර කිහිපයක් තිස්සේ මෙරටට මුහුදු මගින් හෙරොයින් රැගෙන ඒමේ මහාපාරිමාණ ජාවාරමක නිරතව සිට ඇති බවයි.

ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ද සහය මත ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.


Update : Sunday, September 4, 2016 : 1.29
...........................................................................................................................



රුපියල්  කෝටි තුනකට වඩා වැඩි වටිනාකමක් සහිත හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් මන්නාරම ප්‍රදේශයේදී නාවික හමුදාව මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුද්ධි අංශ තොරතුරකට අනුව මන්නාරමේ ශ්‍රී ලංකා නාවික බලකාය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු සහ එක් ඉන්දීය ජාතිකයෙකු  බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ සඳහා වවුනියාව පොලිස් විෂ මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයද සම්බන්ධ වී තිබෙනවා.  

හෙරොයින් තොගය සහ සැකකරුවන් ඊයේ සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයේදියි.

මෙම මත්ද්‍රව්‍ය ඉන්දියාවෙන් රැගෙන ආ ඒවා බවයි සැළකෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව වවුනියාව පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය ඉදිරි කටයුතු සිදුකරනු ඇති.