Update : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමරු උත්සවය ඇරඹේ

Sunday, 04 September 2016 - 13:07

Update+%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+65+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය කුරුණෑගල මාළිගාපිටියේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ අතර, නිදහස් පක්ෂයේ අනුශාසක, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨයින් මෙම සංවත්සරය සඳහා එක්ව සිටිනවා.


Update : Sunday, September 4, 2016 : 3.13
...................................................................................................................


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

ඒ සඳහා ලක්ෂ 5 කට ආසන්න පාක්ෂිකයින් පිරිසක් සහභාගි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ කුරුණෑගල - මාලිගාපිටිය ක්‍රීඩාංගනයේදී සම්මේලනය පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ සම්මේලනය වර්ජනය කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.

මේ වනවිට කුරුණෑගල නගරයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.