පක්ෂය භාර ගත්තේ නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න

Sunday, 04 September 2016 - 18:25

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
තමන් පක්ෂය භාර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය කුරුණෑගල - මාළිගාපිටියේදී අද අමතමින්.

අති විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති එම උත්සවයට මහා සංඝරත්නය ප්‍රධාන අනෙකුත් ආගමික පූජකවරුන්, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ මැති ඇමතිවරුන් රැසක් ද එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද එම අවස්ථාවට එක්වුණා.

සංවත්සර උත්සවය ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්ප්‍රාප්තියත් සමඟයි.

ඊට පෙර සිව් දෙසින් පෙළපාලිවලින් පැමිණි පාක්ෂිකයන් ක්‍රීඩාංගණයට ඇතුළුවීම ආරම්භ වුණා.

ජනාධිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදුකෙරුණු අතර, අනතුරුව දිවංගත නායකයින් මෙන්ම පක්ෂ සාමාජිකයන් සහ රණවිරුවන් සිහිපත් කෙරුණා.

උත්සව සභාව අමතමින් පිළිගැනීමේ කතාව කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකයි.

මෙහිදී නව යෝජනා 7ක් ද ඉදිරිපත් වූ අතර, ඒ සියල්ලට රැස්ව සිටි පිරිසගේ අනුමැතිය හිමි වුණා.

ජනාධිපතිවරයාට ගෞරව ප්‍රණාම උත්තමාචාර පුද කිරීම, ආර්ථික ගමන් මඟ, වාමාංශික ප්‍රගතිශීලී බලවේග පක්ෂයට එක් කර ගැනීම, ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම, නිවැරදි රාජ්‍ය පාලනය, දිලිදුකම තුරන් කිරීම, ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබද ප්‍රණාමය පුද කිරීම යන යෝජනා ඊට ඇතුළත්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සංවත්සර උත්සවය ඇමතුවේ ඉන් අනතුරුවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දිවයිනේ සියලූ පළාත් පාලන ආයතනවලට අත ලකුණින් තරඟ කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More