මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ප්‍රහාරයක්

Sunday, 04 September 2016 - 18:30

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ගොඩනැගිල්ලක් හෝ පක්ෂ ලාංඡනය නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මලයාසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් පිරිස් පවත්වන විරෝධතා හමුවේ මතු වූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් විහාරස්ථාන දෙකක අද පැවැත්වීමට නියමිතව තිබූ වැඩසටහන් වලට හිටපු ජනාධිපතිවරයා එක්වුණේ නැහැ.

ඒ අනුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා ඔහු වෙසෙන හෝටලය වෙත පැමිණියා.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ඩයස්පෝරාවෙන් විරෝධතා එල්ල වන බවට තමන් මලයාසියාවට ඒමට පෙර දැන සිටි බවයි.

මේ අතර, මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර්ට ක්වාලාම්පූර් ගුවන්තොටුපලේදී කිසියම් පිරිසක් පහරදී තිබෙනවා.

මලයාසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සදහා ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ගුවන්තොටුපලට ඇරලවීමට අද ගොස් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

කෙසේ වෙතත් මහකොමසාරිස්වරයාට පහරදුන්නේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මලයාසියානු පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව  විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් කියා සිටියා.