H.I.V පරීක්ෂාව වැඩිවේ

Monday, 05 September 2016 - 7:13

H.I.V+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පසුගිය වසරවලට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ H.I.V පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ලක්ෂ 8කට වැඩි පිරිසක් H.I.V පරීක්ෂාව  සඳහා පැමිණ ඇති බවයි.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සියයට 30ක් පමණ පිරිමි පුද්ගලයින් අතර පවතින සමලිංගික සම්බන්ධතා හේතුවෙන් H.I.V පැතිර යන බවයි.