Update : වෘත්තීය ක්‍රියාමාර්ග නිසා බදු එකතු කිරීමට බාධා

Monday, 05 September 2016 - 7:42

Update+%3A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විදේශ සමාගමකට පැවරීමට එරෙහිව තමන් ආරම්භ කර ඇති සංකේත වර්ජනය සාර්ථක බව දේශීය  ආදායම් පොදු සේවක සංගමය පවසනවා.

අද පෙරවරුවේ සිට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සේවකයින් ලෙඩ නිවාඩු දමා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටින අතර, පළාත් ආදායම් කාර්යාලවලද වෘත්තීය ක්‍රියාමාර්ගය  ක්‍රියාත්මක බවයි දේශීය  ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර සඳහන් කළේ.


Update : Monday, September 5, 2016 : 1.12
...................................................................................................


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය විදේශ සමාගමකට පැවරීමට විරෝධය පළ කරමින් එම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමා, සේවයෙන් බැහැරවීමට තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක්ද මේ වනවිට මුදල් අමාත්‍යාංශය  විසින් ඉදිරිපත් කර ඇති බවයි.


මාංශපේෂී දියවීමේ රෝගයක් නිසා දුක් විඳින, සරණක් අවැසි පාසල් සිසුවා (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:12

දෙමාපියන්ට මෙළොව ඇති උතුම්ම සම්පත දරුවන්.දරුවෙකුගේ රෝගාබාධයක්... Read More

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More