ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය සමුළුව කොළඹදී ඇරඹෙයි

Monday, 05 September 2016 - 13:29

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආසියානු සහ සාක් රටවල සෞඛ්‍ය එකම ජාලයකට සම්බන්ධ කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයේ 69 වන කලාපීය කමිටු සමුළුවට කොළඹදී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා  ආසියානු රටවල් 10 ක නියෝජිතයින් එක්වනවා.

අද පෙරවරුවේ පැවති සමාරම්භක සැසිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මාග්‍රට් චෑම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ ජනරාල් පූනම් සිං මෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද එක්ව සිටියා.