මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට පහරදුන් බව කියන වීඩියෝවක් එළියට - සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

Monday, 05 September 2016 - 16:01

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+-+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මැලේසියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කළා.

මෙම පුද්ගලයන් 5 දෙනා එරට වෙසෙන ඉන්දියානුවන් බව ද අදාළ වාර්තාවල වැඩිදුරටත් සදහන්.

මැලේසියාවේ පැවති ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සදහා ගොස් සිටි අමාත්‍ය දයා ගමගේ යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන්තොටුපලට ඇරලවීමට ගොස් සිටියදී මහ කොමසාරිස්වරයාට ඊයේ මෙම පහරදීම සිදුවුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පහරකෑමට ලක්වූ ඔහු පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින මැලේසියානු මහ කොමසාරිස්වරයා අද විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවනු ලැබුවා.