අතුරුදන් වූ බණ්ඩාරගම ව්‍යාපාරිකයා සොයන්න, පොලිස් කණ්ඩායම් 5ක්

Monday, 05 September 2016 - 18:22

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A
ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කියන බණ්ඩාරගම පදිංචි ව්‍යාපාරිකයා සොයා මේ වන විට ත්‍රිකුණාමල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

නමුත් මේ දක්වා ඔහු පිළිබදව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ත්‍රිකුණාමලය පොලීසිය සදහන් කළේ.

අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන ඔහු පෙරේදා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් ඇත්තේ එහි බැංකුවක ඊයේ පැවති රන් භාණ්ඩ වෙන්දේසියකට සහභාගිවීම සඳහායි.

පෙරේදා කන්තලේ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි මෙම ව්‍යාපාරිකයා පසුදින අදාළ බැංකුවට ගොස් එහි පැවති වෙන්දේසියට සහභාගිවීමෙන් අනතුරුව පස්වරු 2.30ට පමණ ඉන් පිටතට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ සිට ඔහුගේ ජංගම දුරකථනය ද ක්‍රියා විරහිත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.