සීනි, ලූණු සහ මේද සීමා පැන්නොත් බදු

Monday, 05 September 2016 - 18:40

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%2C+%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94
රටේ ණය බර අඩු කොට දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් සෞඛ්‍යය සහ අධ්‍යාපනයට වැය කිරීම සඳහා රජය සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසි වාරයට කොළඹ දී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී වැඩිදුරටත් සඳහන් කළේ මෙරට පැවැති යුද සමයේදී පවා සෞඛ්‍ය සේවාව ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වූ බවයි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ 69 වන වාර්ෂික කමිටු සැසි වාරයේ සභාපති ධුරය සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න වෙත අද පිරිනැමුණා.

එහිදී අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන වෛද්‍ය මාග්‍රට් චෑන් ද සුබ පැතුම් එක් කළා.

ශ්‍රී ලංකාවට මැලේරියා රෝගය තුරන් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙට සහතිකයක් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පසුව ප්‍රකාශ කළේ මෙම සමුළුව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදියි.

සම්මත ප්‍රමාණයට වඩා සීනි, මේදය  සහ ලූණු අඩංගු ආහාරවලට බදු පැනවීමට තීරණයක් ගෙන ඇත්දැයි එහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඉදිරියේදී අදාළ නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී සදහන් කළා.