මැදපෙරදිග ගිහින් අසරණවන කාන්තාවන්ගේ තවත් කඳුළු කතාවක්

Tuesday, 06 September 2016 - 6:59

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මැදපෙරදිග රටවලදී විවිධ වධ හිංසාවන්ට ලක්වන මෙරට කාන්තාවන් පිළිබදව අපිට නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

එලෙස අසරණ වූ තවත් කාන්තාවන් පිරිසක් ඊයේ (05) පෙරවරුවේ යළි මෙරටට පැමිණියා.

ඊයේ (05) පෙරවරුවේ මෙලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියේ සෞදියේ සහ කුවේට් රාජ්‍ය යේ ගෘහ සේවය සඳහා ගොස් විවිධ වධ හිංසාවන්ට ලක්වූ කාන්තාවන් පිරිසක්.

ඒ අතර කාන්තාවන් 132 දෙනෙකු වුණා.

ඔවුන් පැවසුවේ තමන් විදෙස්ගත කිරීමට මැදිහත් වූ විදේශ රැකියා ආයතනවල වැරදි හේතුවෙන් තමන් මෙලෙස අසරණ වී සිටින බවයි.