ආර්ථික අර්බුද හමුවේ නිහඩ විය නොහැකි බවට අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Tuesday, 06 September 2016 - 7:35

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%A9+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට තේ නිෂ්පාදනය සඳහා නව වෙළඳපොළ සොයා ගැනීමේ අවශ්‍යතාව තමා බොහෝ කලකට පෙර සිට පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ ඊයේ පැවති වතු අධිකාරීවරුන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ලෝක වෙළදපොළේ තෙල් මිල මත අපේ නිෂ්පාදනවල අලෙවිය තීරණයවීමට ඉඩ දිය නොහැකි බවයි.

‘‘ පාරිභෝගික භාණ්ඩවල මිල පහත වැටීම දැන් පවතින ගෝලීය ප්‍රවනතාවක්.
එය ලෝක වෙළදපොළේ තෙල් මිල හා රැඳී පවතිනවා. මෙම තත්ත්වය තව බොහෝ කලක් පැවතිය හැකියි.
මන්ද ඉදිරි වසර කිහිපය තුළ දී තෙල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි වන්නේ නැහැ.
මෙරට තේ වෙළදපොළ රැදී පැවතුණේ තෙල් සම්පතින් සශ්‍රීක වූ රටවල් මතයි. මේ නිසා මෙය ශ්‍රී ලංකාව අපේක්ෂා නොකළ තත්ත්වයක්.
අපේ ප්‍රතිපත්ති සැකසී තිබුණේ ද ඉහළ තෙල් මිලක් පවතිනු ඇතැයි අපේක්ෂාවෙන්.
මේ නිසා වර්ධනයේ පහත වැටීමක් ද දක්නට ලැබෙනවා.
මේ තත්ත්වයට අප අනෙකුත් සාධකවලට වරද පටවා නිහඬ විය නොහැකියි.
මතු වී ඇති ගැටළුව හඳුනාගෙන ඊට විසදුම් සෙවීම අවශ්‍යතාවක්. ’’