ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශිෂ්ඨතා සම්මානයක්

Tuesday, 06 September 2016 - 7:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබද විශිෂ්ඨතා සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පිරිනමා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා පූනම් කෙත්‍රපාල් සිං ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය නිළ වශයෙන් පිළිගන්වනු ලැබුවා.

මධ්‍යසාර, දුම්කොළ සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම අඩු කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල, වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙල ඇතුළු පියවර රැසක් මෙහිදී ඇගයීමට ලක්වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ මෙම සම්මානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට ලැබුණු නව දිරිගැන්වීමක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සමුළුව මේ දිනවල කොළඹ දී පැවැත්වෙන අතර ඊට රටවල් 14ක සෞඛ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටිනවා.