කැළණිය - මීගහවත්තේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Tuesday, 06 September 2016 - 9:05

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කැළණිය - මීගහවත්ත ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගහවත්ත පොලීසිය ප්‍රකාශ කළේ නවගමුව පොලිස් බල ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට දින 3කට පෙර මීගහවත්ත පොලිස් වසමේ සියඹලාපේවත්ත - දෙල්ගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී 25 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

මෙම ඝාතනයට යොදා ගත්තා මන්නා පිහි 4ක් ද සොයාගෙන ඇති බව සදහන්.