ලියාපදිංචි ඡන්දදායකයන්ගේ අඩුවක්

Tuesday, 06 September 2016 - 13:08

%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සීමානිර්ණ කටයුතු අවසන් කර, 2012 වසරේ සම්මත කර ගන්නා ලද පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතේ අඩු පාඩු සකස් කරන තුරු පළාත් පාලන ජන්ද විමසීම පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම පනත සකස් කරනු ලැබුවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ජා නොකර බවයි.

2016 ජන්ද නාම ලේඛන සංශෝධනයට අදාලව ලියාපදිංචි වී ඇති ජන්දදායකයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් මෙවර දක්නට ලැබෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියා.