මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ට පහරදුන් සැකකරුවන් රිමාන්ඩ්

Tuesday, 06 September 2016 - 16:09

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහරදීමේ සිද්ධිය හෙළා දකින අතරම ඒ පිළිබඳ දැඩි අප්‍රසාදයද  පළ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විමසූ පැනයකට අදාළව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද විදෙස් සංචාරවලදී උපරිම පහසුකම් සැළසීමට රජය කටයුතු කර ඇති බවයි.

දකුණු  ඉන්දියාවේ ක්‍රියාත්මක නාම් තමිලර් පක්ෂයේ මැලේසියානු ශාඛාවේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට මේ වනවිට අනාවරණ වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර සිද්ධිය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා හෙට දිනය දක්වා බන්ධනාගාර ගතකර ඇති බව මැලේසියානු මාධ්‍ය සඳහන්  කරනවා.



මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More