update : අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සභාපති සේනාධිපතිට ඇප

Tuesday, 06 September 2016 - 18:11

update+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පාලිත ප්‍රනාන්දු අරමුදලට මුදල් බැරකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි  ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඔහුගේ නීතීඥවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද දහවල් අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා ඇවන්ගාඩ් සභාපතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබූ බවයි.

එසේම එහි පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුද අත්අඩංගුවට ගැනුනු අතර අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවට ඉදිරිපත් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබුවා.

එහිදී එක් අයෙකු රුපියල් 250 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4 ක් මත මුදාහරින  ලෙසයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ.

Tuesday, 06 September 2016 - 18.11
-----------------------------------------------------------------------

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි  ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අල්ලස් හෝ ෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ නීතීඥවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද දහවල් අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා ඇවන්ගාඩ් සභාපතිවරයා අල්ලස් කොමිසමට කැඳවා තිබූ බවයි.

එසේම විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.