අලුත උපන් කිරිකැටි බිලිඳා අඩි 30ක් උස ගොඩනැගිල්ලෙන් පහළට විසි කළ හැටි

Wednesday, 07 September 2016 - 9:20

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B7%92+30%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ඥාති නැන්දනියක් විසින් අලුත උපන් බිලිඳෙක් රෝහලේ සඳලුතලයෙන් එලියට විසිකළ පුවතක් උතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා.

Kanpur හි පෞද්ගලික රෝහලක ගොඩනැගිල්ලක අඩි 30ක් උස ස්ථානයක සිටයි මෙම කුඩා බිලිඳා එලියට විසි කර දමන්නේ.

අලුයම් කාලයේදී මෙම කාන්තාව බිලිඳා රැඟෙන පිටතට පැමිණ බිලිඳා විසිකර දමා නැවතත් බිලිඳා රැගෙන යන අයුරු දක්වමින් ව්‍යාජ ලෙස තුවායක් අතින් රැඟෙන ඇතුලට ගමන් කරන අයුරු CCTV දර්ශන වල දැක්වෙනවා.

කෙසේ වෙතත් අලුයම පියා විසින් තම දරුවා නොමැති බව දැනගැනීමෙන් අනතුරුව දරුවා සොයා රෝහලේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය වහාම ක්‍රියාත්මක වී සෝදිසි කිරීමකදී එම ගොඩනැගිල්ලේ යකඩ ආධාරකයක් මත වැටී සිටි දරුවා සොයාගෙන තිබෙනවා.

කුඩා දරුවා විසි කිරීම හේතුවෙන් තුවාල ලබා සිටියත් බිලිඳාගේ දිවි බේරී අති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අදාළ කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ අයුරින් සිදුකරන ලෙසට අමුතු කටහඬවල් කිහිපයකින් පැවසූ බවටයි.

අදාළ කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ අරඹා තිබෙනවා.

කාන්තාව දරුවා විසිකළ අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.