පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 07 September 2016 - 10:07

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මීට මාස දෙකකට පෙර මහරගම - පිලියන්දල මාර්ගයේ කාර් රථයක් තුළ සිදුවූ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 සහ 29 යන වයස්වල පසුවන මොවුන් රත්මලාන සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මිරිහාන පොලිසිය සඳහන් කළා.

පසුගිය ජූලි 16 වනදා මෙම ඝාතනය සිදුකර තිබූ අතර, ඊට අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනාව වනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.