අතුරුදන්වූ ව්‍යාපාරිකයා හල්දුම්මුල්ලේදී අත්අඩංගුවට

Wednesday, 07 September 2016 - 11:06

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අතුරුදන්වූ බව කියන බණ්ඩාරගම ව්‍යාපාරිකයා හපුතලේ - හල්දුම්මුල්ල ප්‍රදේශයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ අදාල ව්‍යාපාරිකයා විසින්ම මෙය සැලසුම් කළ ක්‍රියාවක් බවට අනාවරණ වී ඇති බවයි.

බණ්ඩාරගම - අටලූගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා පසුගිය 4 වනදා මෙලෙස අතුරුදන්වූ බවට පොලිසිය වෙත පැමිණිලි කර තිබුණේ ඔහුගේ පියා විසින්.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වූ තම පුතා ත්‍රිකුණාමල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක පැවැත්වෙන රන් භාණ්ඩ වෙන්දේසියක් සදහා සහභාගි වීමට ගොස් තිබූ බවට පැමිණිල්ලේ සදහන් කර තිබුණා.

අතුරුදන්වන අවස්ථාවේ ව්‍යාපාරිකයා සතුව රුපියල් කෝටි 2 ක මුදලක් තිබූ බවටද පසුව හෙළි වුණා.

ඉන් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේ.

ඒ සදහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා තිබුණා.

ඊයේ පෙරවරුවේ පොලිසියට යාපනය ප්‍රදේශයේ සිට දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර එමගින් සදහන්ව තිබුණේ මෙම ව්‍යාපාරිකයා නිරුපද්‍රිතව සිටින බවටයි.

ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකළ පොලිසිය අතුරුදන්වූ ව්‍යාපාරිකයා හපුතලේ - හල්දුම්මුල්ල ප්‍රදේශයේ සැගව සිටියදී අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට එම ව්‍යාපාරිකයා ත්‍රිකුණාමලය පොලිසිය වෙත රැගෙන එමින් සිටින අතර, අද පස්වරුවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොහු විවිධ පුද්ගලයන්ගෙන් ලබාගෙන ඇති ණය ගෙවීමේ අපහසුතාවයක් මත මෙම ක්‍රියාව සැලසුම් කර ඇති බවට හෙළි වී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ.


9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට
Tuesday, 04 August 2020 - 13:24

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More