සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන යළි පරීක්ෂණ අවශ්‍ය නැහැ

Wednesday, 07 September 2016 - 13:32

%E0%B7%83%E0%B7%9D%E0%B6%B7%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම පිළිබදව හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මේ පිළිබද සොයා බැලීමට පත් කළ වෛද්‍ය කමිටුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එම කමිටුවේ සභාපති අනිල් ජයසිංහ විසින් ඊට අදාළ වාර්තාව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත යොමුකර තිබූ අතර, එමඟින් දක්වා තිබුණේ සිංගප්පූරු සායනික මණ්ඩලය විසින් සෝභිත හිමියන්ගේ මරණයට හේතුව ලෙස දක්වන ලද කරුණු උන්වහන්සේගේ රෝගී තත්ත්වය සමඟ සැසඳෙන බවයි.

එම නිසා හදිසි මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව වාර්තාවෙන් දක්වා තිබෙනවා.

එසේම සෝභිත හිමියන්ට සිදුකළ වෛද්‍ය ප්‍රතිකාරවල දත්ත අස්ථානගතවීමක් හෝ වෛද්‍යවරුන් අතින් අතපසුවීම් සිදුවී නොමැති බවයි මෙම කමිටුව අධිකරණයට දන්වා ඇත්තේ.

සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිත බව ප්‍රකාශ කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ අතර, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණය මගින් වෛද්‍ය කමිටුව පත් කෙරුණේ ඉන් අනතුරුවයි.

කමිටු සභාපති කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අනිල් ජාසිංහ අමතරව තවත් සාමාජිකයින් හයදෙනෙකු ඊට ඇතුළත් වුණා.