අත්අඩංගුවට ගත් බණ්ඩාරගම ව්‍යාපාරිකයා රිමාන්ඩ්

Wednesday, 07 September 2016 - 16:50

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලීසිය නොමඟ යැවීම සහ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමල ප්‍රදේශයේදී අතුරුදන්වූ බව පැවසූ බණ්ඩාරගම ව්‍යාපාරිකයා මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එස්. සරවනරාජා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට පළමුව වාර්තාවූ ඔහු, පොලීසිය අද අත්අඩංගුවට ගත්තේ හල්දුම්මුල්ල බස් නැවතුම්පලේ රැඳී සිටියදියි.

බණ්ඩාරගම - අටලූගම ප්‍රදේශයේ පදිංචි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් නස්රින් නැමැත්තා පසුගිය හතරවනදා සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බැංකුවක පැවති රන් භාණ්ඩ වෙන්දේසියක් සඳහා සහභාගිවීමට ගොස් සිටි අවස්ථාවේදියි.

අතුරුදන්වන අවස්ථාවේදී ඔහු සතුව රුපියල් කෝටියක්  ද තිබූ බව පියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්ව තිබුණා.

වෙන්දේසිය සඳහා ඔහු සමඟ තවත් පුද්ගලයින් 13 දෙනෙකු පිටත්ව ගොස් තිබූ බව සඳහන්.  

කෙසේ වෙතත් අතුරුදන්වූ මෙම ව්‍යාපාරිකයා ඔහුත් සමඟ පැමිණි පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවට පසුව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා.

එම දුරකථන ඇමතුම යාපනය ප්‍රදේශයෙන් ලබාදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව සිදුකරණ ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා යාපනය සිට වවුනියාවටත් හපුතලේ සිට හල්දුම්මුල්ල ප්‍රදේශයටත් පැමිණ ඇති බවටයි.

ඒ අනුවයි ඔහු අද අලූයම පොලීසිය අත්අඩංගුවට ගත්තේ.   

ණයකරුවන්ගෙන් බේරීමට ඔහු මෙලෙස පලාගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රුපියල් 50000 ක මුදලක් පමණක් රන් භාණ්ඩ වෙන්දේසිය සඳහා ඔහු විසින් රැගෙන ගොස් ඇති බවටයි.