බැසිල්ගෙන් අලූත් ආණ්ඩුවක් ගැන ප්‍රකාශයක්

Thursday, 08 September 2016 - 7:23

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට පහරදීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ජාතික සංඝ සම්මේලනය ශ්‍රී ලංකාවේ මැලේසියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළා.

ඒ, ජාතික සංඝ සම්මේලනයේ පිරිසක් ඊයේ (07)මැලේසියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවූ අවස්ථාවේදියි.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ මැලේසියානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමුවී සංදේශයක්ද භාරදෙනු ලැබුවා.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද මේ පිළිබඳව කොළඹ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අදහස් පළ කළා.

ඒ, මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබාදෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේදී නව ආණ්ඩුවක් බිහි කරන බවයි.