රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීම් 5728 ක් විසදයි

Thursday, 08 September 2016 - 8:03

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+5728+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
පසුගිය මාස අටක කාලය තුළ රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම්, ස්ථිර කිරීම්, බඳවාගැනීම් සහ ඉල්ලා අස්වීම් මෙන්ම විශ්‍රාම ගැනීම් පිළිබඳව රාජ්‍ය සේවා කොමිසම වෙත ලැබී තිබූ ඉල්ලීම් 5736 න් 5728 ක්ම විසඳා අවසන් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා නව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කරනු ලැබුවා.

රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ ලැබුණු ඉල්ලීම් ලිපි 2429 කින් 2188 ක්ම විසදා රාජ්‍ය  සේවා කොමිෂන් සභාව තීරණ ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම විවිධ විනය කරුණුවලට අදාළවද ලිපි 818 ක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත්වී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගන්නා ලද නම්‍යශීලී තීරණ නිසා රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩු 3 ක්ද ඉවත් කරගැනීමට හැකිවී තිබෙනවා.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය පවරා තිබූ නඩු 10 ක්ද අවසන් කිරීමට කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.



කොරෝනා පාලනය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි
Tuesday, 04 August 2020 - 12:59

මේ වනවිට මෙරට කොරෝනා වසංගත තත්ත්වය මනාව පාලනය කර ඇති බවට උපකල්පනය... Read More

බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන විකල්ප ක්‍රමවේද වැළැක්වීම ගැන අවධානය
Tuesday, 04 August 2020 - 12:50

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ආ හැකි විකල්ප ක්‍රමවේද... Read More

නාකොටික් නිලධාරීන් 13 දෙනා යළි රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 11:52

තම භාරයට ගත් මත්ද්‍රව්‍ය තොග යළිත් ජාවාරම්කරුවන්ටම අලෙවි... Read More