බාහිර පාර්ශවයන්ගෙන් බාධා නැහැ

Thursday, 08 September 2016 - 8:08

%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වයට බාහිර පාර්ශවයකින් කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙම සංවාදයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම, කථානායකවරයා ද මැදිහත් වුණා.