ගුවන් නියමුවන් අද අකුරට වැඩ

Friday, 09 September 2016 - 7:46

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9
ගුවන් නියමුවන් බීමවත්ව සිටියා දැයි පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමු වෘත්තීය සමිති එකමුතුව අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ප්‍රකාශ කළා.  

කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කලේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙතෙක් කිසිදු බලපෑමක් එල්ලවී නොමැති බවයි.

ගුවන්තොටුපල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඔහු සඳහන් කලා.