පහරදීමක් සම්බන්ධයෙන් කැකිරාවේ 4 දෙනෙකු රිමාන්ඩ්

Friday, 09 September 2016 - 12:14

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කැකිරාව ඩිපෝ හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනාගෙන් 4 දෙනෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් ද සිල්වා නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අනෙක් සැකකරු රුපියල් දස දහසක මුදල් ඇප සහ රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

පෙරේදා පස්වරුවේ, අදාළ පහරදීම සිදුව තිබූ අතර, තුවාල ලැබූ 34 හැවිරිදි කැකිරාව ප්‍රදේශයේ පදිංචි ඔහු කැකිරාව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත සිදුකළ එම පහරදීම පුත්තලම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයකින් පැමිණ සිදුකර ඇති බවයි කැකිරාව පොලිසිය කියා සිටියේ.