උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය ගැන නඩුව පවත්වාගෙන යනවා දැයි අධිකරණය සී.අයි.ඩී යෙන් අසයි

Friday, 09 September 2016 - 12:15

%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92
රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්ට සහ ඔහුගේ බිරිදට පහරදීමේ සිද්ධියට අදාළ නඩු විභාගය කුමන වගන්තියක් යටතේ පවත්වාගෙන යන්නේ ද පිළිබද දැනුම් දෙන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (09) දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ නඩු විභාගය අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදීයි.

2009 වසරේදී අදාළ පහරදීම සිදුවූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින සැකකාර බුද්ධි අංශ නිලධාරියා ද අද නැවතත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

පහරකෑමට ලක්වූ උපාලි තෙන්නකෝන් ගේ සහ ඔහුගේ බිරිදගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ රියදුරා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම බුද්ධි අංශ නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනවා.

හදුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් දිවයින පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී සමන් ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට චෝදනාවක් ඉදිරිපත් කළා.

ඒ අනුව, ඔහුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරිය පියවර ගත්තේ.