නියගය නිසා පොළොන්නරුවේ ගම්මාන රැසකට පීඩා

Friday, 09 September 2016 - 13:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
පවතින වියළි කාලගුණයත් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.

තමන්ට දෛනික ජල අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව අපහසුතාවයන්ට පත්ව ඇති බවයි වට දහය, නාගස්වැව, සිංහපුර ආදී ප්‍රදේශවල ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.   

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද වියළි කාලගුණයත් සමග කුඩා වැව් සහ ජල උල්පත් සිදීයාමෙන් වන සතුන් රැසක් මියගොස් ඇති බව හම්බන්තොට වනජිවි කාර්යාලය ප්‍රකාශ කළා.

මේ තත්ත්වය හේතුවෙන් වනසතුන්ට අවශ්‍ය ජල පහසුකම් ලබාදීම සදහා බවුසර් මගින් වනාන්තර ආශ්‍රිත සිදී ගිය කුඩා වැව්වලට ජලය මුදා හැරීමට කටයුතු කරන බවයි වනජීවි කාර්යාලය සදහන් කළේ.