සාම්පූර් දැරියගේ ඝාතන සැකකරු රිමාන්ඩ්

Friday, 09 September 2016 - 17:13

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ත්‍රිකුණාමලය - සාම්පූර් - නීලක්කර්නි ප්‍රදේශයේදී 6 හැවිරිදි කුඩා දැරියක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි සැකකරු මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මුතූර් මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සාම්පූර් - නීලක්කර්නි කැලෑ ප්‍රදේශයක තිබී සැකකටයුතු ලෙස මියගිය දැරියකගේ මළ සිරුර ඊයේ සොයා ගත් අතර, මූලික විමර්ශනවලදී දැරිය අපයෝජනයකට ලක් කර ඝාතනය කර ඇති බවට ද කරුණු අනාවරණ වුණා.

ඒ අනුව, පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර පසුව සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි 16 හැවිරිදි බාල වයස්කරුවා අත්අඩංගුවට ගනු ලැබුවේ.