UPdate : පුත්තලමේ දී අතුරුදන් වූ සිව් හැවිරිදි දරුවා සොයා ගනී

Friday, 09 September 2016 - 18:29

UPdate+%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පුත්තලම නගරයේ වාන පාර ප්‍රදේශයේ නිවසක සිට අතුරුදන් වූ වයස අවුරුදු 4ක පමණ කුඩා පිරිමි දරුවා, ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී, නගරයට ආසන්නයේදී ඊයේ රාත්‍රියේ හමුවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාචක වෙසින් පැමිණි කාන්තාවක් විසින් ඊයේ මෙම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවට පොලීසියට පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.

ඉන් අනතුරුවයි පොලීසිය ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වුයේ.

ඒ සඳහා පුත්තලම පොලීසිය පොලිස් කණ්ඩායම් 6ක් පත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රී 7ට පමණ පුත්තලම නගරයට ආසන්නයේදී දරුවා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී සොයා ගනු ලැබුවා.


Update : Saturday, September 10, 2016 7.55
-----------------------------------------------------------

පුත්තලම නගරයේ වාන පාර ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 4ක පමණ කුඩා පිරිමි දරුවෙකු යාචක වෙසින් පැමිණි අයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කළේ කුඩා දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති බවයි.

පැහැර ගැනීම සිදුකරන අවස්ථාවේදී නිවස තුළ දරුවාගේ මව ඇතුළු තවත් කිහිප දෙනෙකු රැදී සිට ඇති බව සදහන්.

පැහැර ගැනීමට සම්බන්ධ පුද්ගලයා සහ දරුවා පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පුත්තලම පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.



 

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)