එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සැමරුම අද

Saturday, 10 September 2016 - 8:19

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+70+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සැමරුම බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැත්වෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

සැමරුම් උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සහභාගි වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ 70වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 6 වන දාට යෙදී තිබුණා.

අද පැවැත්වෙන්නේ එහි සැමරුම් උත්සවයයි.

1946 වසරේ සැප්තැම්බර් 6 වන දා එක්සත් ජාතික පක්ෂය ආරම්භ වන්නේ නිදහස් සටනේ පෙරමුණ ගත් ඩී.එස්. සේනානායකයන්ගේ මූලිකත්වයෙන්.

1948 ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස ද ඔහු පත්වන අතර, 1952දී ඔහුගේ අභාවයෙන් පසු ඔහුගේ පුත් ඩඞ්ලි සේනානායක අගමැති බවට පත්වනවා.

ඔහුගෙන් පසු ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන අතර, 1977 දී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 6න් 5ක බලයක් ලබා ගැනීම විශේෂත්වයක්.

1988 රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වන අතර 1993 දී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වනවා.

පක්ෂයේ ප්‍රබලයන් රැසක් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරවලින් ජීවිතයෙන් සමු ගනිද්දී වත්මන් නායක රනිල් වික්‍රමසිංහ එය භාර ගන්නේ අභියෝග රැසක් මධ්‍යයේයි. එතැන් සිට මේ දක්වා පක්ෂ නායකත්වය දරණ ඔහු වර්තමානයේ අග්‍රාමාත්‍ය ධුරය ද හොබවනවා.