සිරියාවේ සාමයට ඇමරිකාව සහ රුසියාව අතර එකඟත්වයක්

Saturday, 10 September 2016 - 8:45

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිරියාවේ සාමය උදෙසා ඇමරිකාව සහ රුසියාව අතර එකඟත්වයක් ඇති වී තිබෙනවා.

ඒ, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් අතර ජිනිවා නුවර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙහිදී එකඟ වූ සාම සැලැස්ම යටතේ ලබන සඳුදා ඉර බැස යාමත් සමඟ සිරියාවේ නව සටන් විරාමය ආරම්භ වනවා.

විපක්ෂ කැරළිකරුවන්ගේ පාලන යටතේ පවතින විශේෂයෙන් හඳුනා ගත් ප්‍රදේශවල මෙහෙයුම් සිරියානු රජයේ හමුදා විසින් නතර කිරීම ද සාම සැලැස්මේ එක් පියවරක්.

එමෙන්ම අයි.එස්. සහ අල් නුස්රා සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා ඇමරිකාව සහ රුසියාව අතර ඒකාබද්ධ මධ්‍යස්ථානයක් ඇති කිරීම ද එම සැලැස්මට අයත්.

මෙම සාම සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා සිරියානු රජය මෙන්ම කැරළිකාර කණ්ඩායම් ද සිය වගකීම් ඉටු කළ යුතු බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සදහන් කළේ.


උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More

නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More