හැටන් - ලිඳුල දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

Saturday, 10 September 2016 - 9:16

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%92%E0%B6%B3%E0%B7%94%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් - මහනුවර මාර්ගයේ ලිඳුල - බෙයාවිල් වතුයාය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේ මංගල සාදයකට සහභාගි වූ එකම පවුලේ පියා, මව සහ කුඩා දරුවෙකු ත්‍රිරෝද රථයෙන් දෙහිවල ප්‍රදේශයේ සිය නිවස බලා යමින් සිටියදීයි මෙම අනතුර සිදුවී ඇත්තේ.

ත්‍රිරෝද රථය පැදවූ 29 හැවිරිදි පියාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්වුණා.

27 හැවිරිදි මව සහ අවුරුදු දෙක හමාරක් වයසැති දැරිය ද තුවාල ලබා ලිදුල රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය සදහන් කළේ.


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)