පිරිමි දරුවෙක් බලපොරොත්තු වූ මවකට ගැහැණු දරුවෙක් ලැබුණු පසුව දරුවා ඝාතනය කළ හැටි

Saturday, 10 September 2016 - 10:43

%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
පිරිමි දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටියදී ලැබුණු සිය දියණිය ඝාතනය කළ බවට සැක පිට ඉන්දියාවේ ජායිපූර් ප්‍රදේශයේ 35 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ සිව් මස් දියණිය අතුරුදන් වූ බවට පැමිණිල්ලක් කර තිබූ අතර, පසුව ඇගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිරුර වායු සමීකරණයක් තුළින් සොයා ගැනුණා.

එහි තුවාල සලකුණු 17ක් තිබූ බවයි අනාවරණ වුණේ.

කෙසේ නමුත් පොලීසිය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම ඝාතනය නිවසට සම්බන්ධ අයෙකු සිදුකළ බවටයි.

ඒ අනුව අත්අඩංගුවට ළදැරියගේ මව පවසා ඇත්තේ තමාට දෙවන වරටත් දියණියක් ලැබීම නිසා මානසික අවපීඩනයට ලක්ව සිටි බවයි.

ඇය ප්‍රදේශයේ ගොවිපළ හිමි ධනවත් පවුලක උගත් කාන්තාවක් වීම නිසා මෙම සිද්ධියට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.