එක්සත් ජාතික පක්ෂ සැමරුම් උත්සවය ඇරඹේ

Saturday, 10 September 2016 - 11:00

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සර සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ වන විට බොරැල්ල - කැම්බල් පිටියේදී ආරම්භ වී තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට එක්වුණා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ රජයේ අමාත්‍යවරුන් පළාත් පාලන ආයතන නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම විදෙස් රටවල ආරාධිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටින බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සදහන් කළේ.